කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බැලීම.
මේ වියගසක් කැඩෙන්නේ නම් එය අඩුම ගනනේ පරම්පරා දෙකක් වත් ගතවිය යුතුය.
එය කැඩී යන්නේ ශක්තිමත් බව අඩුම තැන වන විය සිදුර දෙකඩ කරවමිනි.
ඉන්පසුව ගොවියා කැඩුන විය දන්ඩේ කොටස් දෙක. නියරෙන් ගොඩ ඕවිට ඉව්රකට ගෙනගොස් අත්හැරිය යුතුය.
ටික දවසක් ගතවන විට මහ වැසි වැටී වෙළ දෙගොඩතලා ගලා යා යුතුය.
ගලා යන ජලයට වියගසේ කෑලි දෙකම ගසාගෙන යා යුතුය.
ඇළට ගොස් ඔය දක්වාම. කැබලි දෙකම පාවී යා යුතුය.
ඔයට ගොස් ඔයෙන් ගඟ දක්වාම කැබලි දෙකම පාවී යා යුතුය.
ගඟට ගොස් ගඟෙන් මුහුදට පාවී යා යුතුය.
මෙසේ මුහුදේදී පාවි පාවී තිබී සිදුර නැවතත් පෙරතිබූ පරිදි විය සිදුර එකට එකතුවිය යුතුය. ( මුහුදු රැල්ල සමඟ කුඩාලී කැබලි දෙකක් නැවත පෙර පරිධි එකට ගෑවිය හැකි දැයි සිතන්න ? )
ඒ යම් මොහොතක එකතු වන දින රාත්රියක් විය යුතුය.
ඒ රාත්රිය පුර සඳ පායා ඇති රාත්රියක් ම විය යුතුය.
ඒ සඳ පායා, විය සිදුර එකතුවී තිබෙන සුළු මොහොතේ කැස්බෑවෙකු ද සිටිය යුතුය.
ඒ කැස්බෑවා අන්ධ එකෙකුද නොවිය යුතය.
කණ ( බාගෙට පෙනෙන ) සතා මොහොතකට එකතුවෙන විය සිදුර තුලින් අහස බැලිය යුතුය. ( සඳ නැතිනම් කණාට අහස දැකිය නොහැක ).
මිනිසෙකු ලෙසින් ලබන ක්ෂණ සම්පත්තිය.
මිනිසෙකුව ඉපද චතුරාර්‍ය සත්‍යය ධර්මය ඇසීමට ලැබීම.
සසර තුල අබුද්ධෝත්පාද කාලසීමා ඇත. ඇතැම් කල්ප සිය ගගන් වල
බුද්ධ ... නම් වචනය පවා ඇසෙන්නේ නැත.
සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැම් පුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්පහල වීම අතිශය දුර්ලභ කාරණයකි.
නිරය ( විනිපාතය / දුගතියට ) ට නොවැටී ඉපදීම දුර්ලභ ය.
බලු, බලල්, ගව ආදී තිරිසන් අත්බවයක් නෙැලැබීම තවත් දුර්ලභ ය.
යක්ෂ, පෙරේත, නාග අසුර ආදී ඉපදීමක් නොලැබීම දුර්ලභ ය.
මාළුවෙකු, ජලජ ජීවියෙක් නොවී ඉපදීම දුර්ලභ ය.
මනුෂය ලොකය තුල ඉපදීම දුර්ලභ ය.
ඒ සුවිසල් මිනිස් ලෝකයේ ධර්මය අවබෝධ කල හැකි මනසක් තිබීම දුර්ලභ ය.
ඒ දුර්ලභ ලෝකයේ චතුරාර්‍ය සත්‍ය නම් අතිශය දුර්ලභ ධර්මය ඇසීමට ලැබීම ක්ෂණ සම්පත්තිය නම් වේ.
ලංකාව තුල ඉපද අපට මේ ක්ෂණ සම්පත්තිය ලබාගැනීමට මොන තරම් නම් හැකියාවක් අද ලැබී තිබේ ද?
කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවා යන අතිශය දුර්ලභ බාදක පසුකර ඔබ අප මිනිස්සු ව ඉපද ඇත.. අපට ධර්මය ද ඇසේ ?
තවත් රස්සා, මුදල්, සැප පසුපස දුවමු ද ?
උපුටා ගැනීම -
කාවින්ද රණසිංහ
Post a Comment