විවාහය කියන්නෙ වයසට යනවනේ කියල කල වයසට බඳින එකක්වත්, යාලුවෝ හැමෝම බැන්ඳ නිසා බඳින එකවත්, සමාජයෙන් ගැරහුම් ලැබෙයි කියන බයට බඳින එකවත්, දෙමාපියන්ගෙ කීමට බඳින එකක්වත් නෙවෙයි. හැබැයි එහෙම මිනිස්සු තමා බහුතරයක්ම ඉන්නෙ.
ධනය බලය කුලය රූපය කේන්දරය බලල විවාහ වෙන අයයි ඉන්නෙ බහුතරයක්ම. ඉතිං එවන් බැඳීම් බැඳීම්ම විතරයි.
උපාධියට උපාධියම ගලපන් ධනයට බලයට රූපයට සමාන අයම ගලපන් කලාතුරකින් මනුස්සයෙක් වෙලා ඉපදිල ඒවටම යට වෙලා මුකුත්ම නැතිව අන්තිමට හිස් අතින් මැරිල යනවා.
විවාහ වෙනවා නම් විවාහ වෙන්න ඕන,
~ මේ සංසාර ස්වභාවය ගැන තේරුමක් තියන
~ මිත්‍යාදෘෂ්ටික නොවන
~ ධර්මානුකූලව ජීවිතය ගත කරන්න උත්සාහ කරන
~ සීලයක් ආරක්ෂා කරගෙන ඉන්න දැහැමි කෙනෙක් සමගයි.
~ කොටින්ම තමාට ඇත්තටම දුකින් නිදහස් වෙන්න උපකාර කරන
~ පාරමිතා පුරන්න උපකාර කරන කෙනෙක් සමගමයි විවාහ වෙන්න ඕන.
දුකින් නිදහස් වෙන්න ඕන නම් බැඳීම් ඕන නැහැනේ කියල කෙනෙක් කියයි, නමුත් ගිහි ජීවිතය ධර්මයට අනුව ගත කරන්න පුළුවන් කියල දන්න කෙනෙක්ව විවාහ කර ගන්න ඕන.
නැතිනම් වෙන්නෙ වගකීම් යුතුකම් ඉටු කරන්න විතරක් බැඳීම් හදාගෙන සුළු ආශ්වාදයන් නිසා නැවත දුගතියෙ උපදින්න කර්ම රැස් වෙන එක විතරයි.
බොළඳ මානසිකත්වයකින් බැඳීම් හදා නොගන්න. ලෝකයා පිනවීමට, සමාජයේ ගරැ බුහුමන් ලබන්න, දෙමව්පියන් සතුටු කරන්න, ඥාතීන් අතර තිබෙන තරඟකාරී පරිසරය හමුවේ ලැජ්ජාවෙන් බෙරෙන්න, සමහරැ මානසික පීඩාවන් විඳිමින් කටුක හා ව්‍යාජ විවාහ ජීවිත ගතකරයි.
පෙර අකුසල කර්මයන්ගේ ප්‍රතිඵලයක් හේතුවෙන් මේ භවයේදී අසාර්ථක විවාහයක් ලැබිය හැකිය. නමුත්, කර්මයට සියල්ල බාර දී, සියල්ල ගලපගෙන විඳ දරාගත යුතුද? නැත. කර්මය වෙනස් කරගත යුත්තේද තමාමය. අකුසල කර්මයෙන් මිදිය යුත්තේද තමාමය.
ඔබ මේ දිනෙන් දින ලඟා වන්නේ අති දීර්ඝ අබුද්ධෝත්පාද කාලයටයි. ලැබුවා වූ උතුම් ක්ෂන සම්පත්තිය හා කෙටි මනුෂ්‍ය භවය නිකරැනේ ගෙවි යාමට ඉඩ නොදෙන්න. ගුණධර්ම වලින් දියුණු, දහමින් පෝෂිත, සීල, සමාධි, ප්‍රඥා ගුණයන්ගෙන් යුත් සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් පමනක් ජීවිතයට ලංකර ගන්න. නැතිනම් හුදකලාව වාසය කරන්න.
හුදකලා වාසය නිසා මියැදුනු කිසිත් නොමැත. නමුත්, නොගැලපෙන විවාහයන් නිසා, නොමැරී මැරෙන මිනිසුන් බොහෝය.
උපුටා ගැනීමක්

Post a Comment